Sunday, February 23, 2025

General line - 0115112241

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් පනත් කෙටුම්පත ලබන සඳුදා විවාදයට



පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ ඉදිරි කටයුතු ලබන 18වනදා තීරණය කිරීමට හැකිවනු ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. 

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් විශේෂ විධි විධාන පනත් කෙටුම්පත දෙවනවර කියවීමෙන් අනතුරුව කතානායකවරයා අත්සන් කරනු ලබන ලියවිල්ලට අනුව මැතිවරණය පැවැත්වීමට අදාළ ඉදිරි කටයුතු තීරණය වන බවයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා නෙත් නිවුස් කළ විමසීමකදී පැවසුවේ. 


අලුතෙන් නාම යෝජනා කැඳවීමට තීරණය වුවහොත් දැන්වීම් යවන දිනයේ සිට දින 66ක් තුළ පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට හැකි බවද මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් පැවසුවා.


මේ අතර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ විශේෂ විධිවිධාන පනත් කෙටුම්පතට අමාත්‍යංශයීය උපදේශක කාරක සභාවේ අනුමැතිය හිමිව තිබෙනවා. 


ඊට අනුමැතිය හිමි වූයේ රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යංශයීය උපදේශක කාරක සභාව එහි සභාපති අමාත්‍ය ඒ එච් එම් එච් අබයරත්න මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේ දී රැස්වූ අවස්ථාවේදීයි.