ලිට්ල් හාර්ට්ස් නමින් ව්‍යාජ ගිණුමක් ආරම්භ කර මුදල් වංචා කළ සහ ත්‍යාග මුදල් ලබාදෙන බවට පවසා අන්තර්ජාලය ඔස්සේ මුදල් වංචා කළ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.
සැකකරුවන් කල්පිටිය, පල්ලිවාසල්තුරෛ සහ නොරෙච්චෝලය, කරඹ ප්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔවුන් නොච්චියාගම සහ පාලවිය ප්‍රදේශවල පදිංචිකරුවන් වනවා.
එම සැකකරුවන් දෙදෙනා රුපියල් ලක්ෂ 29ක මුදලක් වංචාකර ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අන්තර්ජාල ආවේක්‍ෂණ හා බුද්ධි ඒකකය සහ පරිගණක අපරාධ විමර්ශන අංශය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් සඳහන් කළේ.