වසස අවුරුදු 70 ඉක්මවූ අඩු ආදායම්ලාභී වැඩිහිටියන්ට රුපියල් 3,000ක මාසීක දීමනා ගෙවීම පෙබරවාරි මස ගෙවීමට කටයුතු කරන බව ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලය පවසනවා.
අස්වැසුම පවුල්වල සිටින වයස අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් සඳහා පසුගිය වසරේ නොවැම්බර් සිට සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය විසින් සෘජුවම SLIPS ක්‍රමය මගින් අස්වැසුම ගිණුම්වලට අදාළ දීමනාව ගිණුම්ගත කරන බවයි ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලය පැවසුවේ.
ඒ අනුව අස්වැසුම පවුල්වල සිටින වැඩිහිටියන් හැර මෙතෙක් දීමනාව ලබමින් සිටි වැඩිහිටියන්ට පමණක් තැපැල්, උප තැපැල් කාර්යාල හරහා ගෙවීම් කිරීමට කටයුතු කරනු ඇති.
විවිධ වූ ප්‍රායෝගිත ගැටළු හේතුවෙන් පසුගිය කාල සීමාවේදී යම් නිශ්චිත දිනයක් තුළ දීමනාව ගෙවීමට නොහැකි වීමෙන් වැඩිහිටියන් අපහසුතාවට පත් වුණා.
ඒ අනුව අදාළ පාර්ශ්ව සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව 2025 පෙරබරවාරි මස දීමනාව සහ හිඟ දීමනා තැපැල් සහ උපතැපැල් කාර්යාල හරහා ලබන 20 වනදා සිට ගෙවීමට සිදු කිරීමට අවශ්‍ය කටයුතු සිදුකරනු ලබන බවයි ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළේ.