Wednesday, March 26, 2025

General line - 0115112241

සජිත්ගෙන් ආණ්ඩුවට දැනුම්දීමක්



රට තුළ සිටින ආයෝජකයන් සහ ඉදිරියේ පැමිණීමට නියමිත ආයෝජකයන් රටතුළ තබාගැනීම සඳහා ආණ්ඩුව කටයුතු කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. 

එමෙන්ම රට තුළ ක්‍රියාත්මක වන ආයෝජනයන් විනිවිදභාවයෙන් සිදු කළ යුතු බවයි විපක්ෂ නායකවරයා පැවසුවේ. 


සමගි ජන බලවේග පක්ෂ මූලස්ථානයේ පැවති පක්ෂ සාමාජිකයින් සහ ක්‍රියාකාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනකට එක්වෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙම අදහස් පළ කළා.