Sunday, February 23, 2025

General line - 0115112241

අධ්‍යාපනයේ සිදු කරන වෙනස අග්‍රාමාත්‍යවරිය පහදයි



රටට අවශ්‍ය පුරවැසියා බිහි කළ හැකි අධ්‍යාපන ක්‍රමයක් රට තුළ ස්ථාපිත කිරීම රජයේ අරමුණ බව අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පවසනවා. 

ලබන වසරේ ක්‍රියාත්මක කිරීමට නියමිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා ඊට අදාළ කටයුතු සිදු කරන බවයි අග්‍රාමාත්‍යවරිය පැවසුවේ. 


ඒ යටතේ ගුරුවරුන්ගේ වෘත්තීයභාවයත්, ගුණාත්මකභාවයත් දියුණු කිරීම සඳහා මූලික අවධානය යොමු කරන බවද අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය වැඩිදුරටත් පැවසුවා.