Sunday, February 23, 2025

General line - 0115112241

තවත් ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් තුන්දෙනෙකුට නිදහස



ඊශ්‍රායලය සටන් විරාම ගිවිසුම යටතේ තවත් ප්‍රාණ ඇපකරුවන් තුන්දෙනෙකු අද නිදහස් කිරීමට කටයුතු කර තිබෙනවා 

ඒඅනුව  ඊශ්‍රායල විසින් ද පලස්තීන සිරකරුවන් 369ක පිරිසක් අද නිදහස් කිරීමට නියමිත බවයි  විදෙස් මාධ්‍ය පවසන්නේ 

 ඊශ්‍රායලය විසින්  ප්‍රාණ ඇපකරුවන් 16දෙනෙකු සහ පලස්තීන සිරකරුවන් 766දෙනෙකු මේ වනවිට නිදහස් කර තිබෙනවා 

සටන් විරාම ගිවිසුමේ කොන්දේසි සම්බන්ධයෙන් දෙපාර්ශවයටම චෝදනා එල්ලවී තිබෙනවා 

ඊශ්‍රායලය සටන් විරාම ගිවිසුම අඛණ්ඩව කඩ කිරීමට ලක්කරන බව පවසමින් ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම කල් දමන බව හමාස් සංවිධානය පසුගිය අගහරුවාදා නිවේදනය කළා.

නියමිත පරිදි ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමක් නොකළහොත් යළි යුද මෙහෙයුම් ආරම්භ කරන බවයි ඊශ්‍රායලය ඊට ප්‍රතිචාර දක්වමින් ඊශ්‍රාලය අනතුරු අඟවා තිබෙනවා 

සටන් විරාම සාකච්ඡාවල මැදිහත්කරුවන් වන ඊජිප්තුව හා කටාර් රාජ්‍ය සමග පැවති සාකච්ඡාවකින් අනතුරුවයි හමාස් සංවිධානය මෙම තීරණය ගෙන ඇත්තේ.