රට පුරා සිදුකල මෙහෙයුම් යටතේ මාසයක කාලයක් තුළ සැකකරුවන් 42,000කට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසුවේ දිවයිනම ආවරණය වන පරිදි ආරම්භ කළ විශේෂ අපරාධ, මත්ද්‍රව්‍ය නිවාරණ සහ රථ වාහන මෙහෙයුම් යටතේ ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බවයි.
මත්ද්‍රව්‍ය වැටලීම්වලදී සැකකරුවන් 16,000කට ආසන්න පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවා.
මෙම වසරේ මේ දක්වා කාලය තුළ සිදු වූ වෙඩි තැබීම් 13කට සම්බන්ධ සැකකරුවන් 30 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා පැවසුවේ.
මේ අතර මෙරට අපරාධ සිදුකර ඉන්දියාවේ සැගව සිටියදී අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් කිහිපදෙනෙකු ළඟදීම දිවයිනට රැගෙන එන බවද මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කෙරුණා.