රිය අනතුරක් හේතුවෙන් අත්අඩංගුවට ගත් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි මොහොමඩ් ෆයිසාල් මහතාගේ ඥාති සහෝදරයා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඒ, පොලිසිය විසින් සැකකරු මාරවිල වැඩබලන මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.
ඒ අනුව සැකකරු ලබන 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රි මොහොමඩ් ෆයිසාල් මහතා ගමන් ගත් මෝටර් රථය කොස්වත්ත, හාල්දඩුවන ප්‍රදේශයේදී යතුරුපැදිය ගැටී එම අනතුර සිදුව තිබුණා.
එහිදී යතුරුපැදිකරු මියගිය බවයි පොලිසිය පැවසුවේ.
ඒ අනුව අනතුර සිදුකල ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි මොහොමඩ් ෆයිසාල් මහතාගේ ඥාති සහෝදරයා කොස්වත්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.