Tuesday, March 25, 2025

General line - 0115112241

අයවැයෙන් විශේෂ අවධානය යොමු කළ යුතු ක්ෂේත්‍ර, ආර්ථික විද්වතෙක් පෙන්වා දෙයි



රටේ නිෂ්පාදන ආර්ථිකය ඉලක්ක කර ගත් අයවැයක් ඉදිරිපත් කිරීමට රජය කටයුතු කළ යුතු බව ආර්ථික විද්වතුන් පවසනවා. 

එමෙන්ම අපනයන අභිමුඛ ආර්ථිකයක් සඳහා යොමු කරන අයවැයක් ඒ යටතේ අවශ්‍ය බවද නෙත් නිවුස් කළ විමසීමකදී කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශයේ මහාචාර්ය සුරංග සිල්වා මහතා පැවසුවා.


ආයෝජකයන් රටට ඇද ගැනීම සඳහා ද අයවැය සකස් කිරීමේදී අවධානයට ලක්විය යුතු බව මෙහිදී ප්‍රකාශ කෙරුණා.


මේ අතර මෙවර අයවැයෙන් රාජ්‍ය සේවකයන්ගේ වැටුප ඉහළ දැමිය යුතු බවට ඇතැම් පාර්ශව ප්‍රකාශ කර තිබුණා. 

කෙසේවෙතත් රාජ්‍ය සේවකයන්ගේ වැටුප ඉහළ දැමීම පසෙකලා රටේ ජනතාවට මූර්තමය ආදායම වැඩිවන ආකාරයට බඩු මිල අඩු කිරීම සිදුකල යුතු බවයි මහාචාර්ය සුරංග සිල්වා මහතා වැඩිදුරටත් පැවසුවේ.