පොදු මහජනතාව මුල්කර ගත් අයවැයක් හෙට දිනයේ ඉදිරිපත් කරන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනෙවිය පවසනවා.
යාපනය මාන්පායි ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළා.
හෙට දිනයේ ඉදිරිපත් කරන අයවැය දිගු කාලීන අරමුණු සහිත අයවැයක් බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසනවා.
ඔහු පැවසුවේ විපක්ෂයේ සිටින ඇතැම් පිරිස් අයවැය සම්බන්ධයෙන් සිදුකරන ප්‍රකාශයන් ඔවුන්ගේ ආණ්ඩු සමය තුළ ක්‍රියාත්මක කළේ නම් රට තුළ ආර්ථික අර්බුදයක් ඇති නොවන බවයි.
මහනුවර දුම්රිය ස්ථානයේ සිට සති අන්තයේදී ගමන් ආරම්භ කරන ඇල්ල ඕඩිසි නව දුම්රිය නිරීක්ෂණය කිරීම සඳහා මහනුවර දුම්රිය ස්ථානයට පැමිණි අවස්ථාවේදී ඒ මහතා මේ බව කියා සිටියා.