ජනතාවට සැලකිය යුතු සහන ප්‍රමාණයක් ලැබෙන අයවැයක් අද දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසනවා.
එමඟින් රටේ ඉදිරි සංවර්ධන ක්‍රියාවලියට මඟපෙන්වීමක් සිදුවන බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා නෙත් නිවුස් වෙත කියා සිටියේ.
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානාගේ මහතා පැවසුවේ ආණ්ඩුව ඉදිරිපත් කරන පළමු අයවැය රටේ තිරසාර ගමනක් කරා යන ප්‍රවේශයක් වනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවයි.
රටේ මහජනතාවට ආණ්ඩුව ලබාදුන් පොරොන්දු ඉටු කිරීමට ලැබෙන පළමු අවස්ථාව මෙම අයවැය බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා.
එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී වී චානක මහතා පැවසුවේ ජනතාවට හිමිවිය යුතු බදු සහන මෙම අයවැය තුළින් ලැබෙනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවයි.
අද ඉදිරිපත් කිරීමට නියමිත නව ආණ්ඩුවේ පළමු අයවැය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පළ කළේ මෙවන් අදහසක්.