Saturday, February 22, 2025

General line - 0115112241

2025 අයවැයට කැබිනට් අනුමැතිය



2025 අයවැය ලේඛනය සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. 

අද උදෑසන පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අයවැය ලේඛනය සඳහා අනුමැතිය හිමි වූ බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. 

2025 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතේ දෙවැනිවර කියවීම හෙවත් අයවැය කථාව මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අද පෙරවරු 10.30ට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.        

ඒ සඳහා පාර්ලිමේන්තු කටයුතු මේ වන විටත් සූදානම්ව පවතින බවයි නෙත් නිවුස් පාර්ලිමේන්තු වාර්තාකරු පැවසුවේ.