පවතින වියළි කාලගුණ තත්ත්වයත් සමඟ පසුගිය දින කිහිපයේදී කැලෑ ගිනි ගැනීමේ සිද්ධි කිහිපයක් වාර්තා වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසවා.
එහි අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසුවේ විවිධ පුද්ගලයන් විසින් කැලෑ ආශ්‍රිත ප්‍රදේශවල සිදුකරන ගිනි තැබීම් ව්‍යාප්ත වී මෙවැනි තත්ත්වයන් ඇතිවන බවයි.
කැලෑ ගිනි තබන පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා අදාළ අංශ දැඩි අවධානයකින් කටයුතු කරන බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කළා.