මෙම වසර සඳහා රජයේ සෞඛ්‍ය අයවැය ප්‍රතිපාදනය රුපියල් මිලියන හය ලක්ෂ හාරදහසක් දක්වා සැලකිය යුතු ලෙස වැඩිකර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
ඖෂධ සැපයුම සහ වෛද්‍ය සැපයුම සහතික කිරීම සඳහා පමණක් මෙවර අයවැයෙන් රුපියල් මිලියන එක් ලක්ෂ අසූ පන්දහසක් වෙන්කර ඇති බවයි 2025 අයවැය කථාව ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා කියා සිටියේ.
ඔටිසම් ඇතුළු ස්නායු සංවර්ධන ආබාධ සහිත දරුවන් සඳහා අවශ්‍ය සෞඛ්‍ය, අධ්‍යාපන සහ අනෙකුත් සේවා පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා වසර 05ක ජාතික වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට යෝජිත බවද ජනාධිපතිවරයා එහිදී කියා සිටියා.
එහි මූලික පියවරක් ලෙස ස්නායු සංවර්ධන ආබාධ සහිත ළමුන් සඳහා ජාත්‍යන්තර ප්‍රමිතීන් සහිත ප්‍රතිකාර මධ්‍යස්ථානයක් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ පිහිටුවීමට මෙවර අයවැයෙන් රුපියල් මිලියන 200ක මුදලක් වෙන් කිරීමට යෝජනා කරන බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.