පොදු ප්‍රවාහනය නවීකරණය සඳහා නවීන තාක්ෂණයෙන් යුතු සුවපහසු බස් රථ සමූහයක් නියමු ව්‍යාපෘතියක් ලෙස හඳුන්වා දීමට මෙවර අයවැයෙන් යෝජනා කර තිබෙනවා.
ඒ අනුව කොළඹ නගර ප්‍රදේශය තුළ ප්‍රධාන මාර්ග කොරිඩෝ තුනක් ඔස්සේ පහත් පතුලක් සහිත බස් රථ සියයක් යෙදවීමටයි සැලසුම් කර ඇත්තේ.
ඒ සඳහා අයවැයෙන් රුපියල් මිලියන 3,000ක් වෙන් කිරීමට යෝජනා කරන බවයි ජනාධිපතිවරයා අයවැය කථාව ඉදිරිපත් කරමින් අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ.
ඊට අමතරව ලංකා ගමනා ගමන මණ්ඩලය විසින් මගී ප්‍රවාහනයට පහසු පහත් පතුලක් සහිත බස් රථ 200ක් එම මණ්ඩලයේ අරමුදල් යොදා ගනිමින් මෙම බස් සේවාව සඳහා යෙදවීමට නියමිතයි.
“මෙට්‍රෝ බස් සමාගම” ලෙස අලුතින් ස්ථාපිත කිරීමට අපේක්ෂිත බස් සමාගමක් යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිත බව ජනාධිපතිවරයා සිය අයවැය කථාවේදී වැඩිදුරටත් සඳහන් කළා.