Saturday, February 22, 2025

General line - 0115112241

ව්‍යාජ වීසා මගින් කැනඩාවට පළා යාමට තැත් කළ ශ්‍රී ලාංකික යුවලක් අත්අඩංගුවට

ටී කේ ජී කපිල 



කූඨ ලෙස සකස් කළ කැනඩා වීසා බලපත්‍ර භාවිතා කරමින් ජපානය හරහා කැනඩාවට පළා යාමට තැත් කළ ශ්‍රී ලාංකික යුවළක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින්.

අත්අඩංගුවට ගෙන ඇත්තේ 40 සහ 34 යන වයස්වල පසුවන යාපනය ප්‍රදේශයේ පදිංචි ද්‍රවිඩ ජාතික විවාහක යුවළක්. ඔවුන් ජපානයේ නරීටා නුවර බලා පිටත්ව ගිය ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයක් වෙත පිවිසීම සඳහා කටුනායක ගුවන් තොටුපොළ වෙත  පැමිණ තිබුණා.  

එහිදී ගුවන් සේවා නිශ්කාශන කටයුතු සඳහා ඉදිරිපත් කළ ලියකියවිලි අතර තිබූ කැනඩාවේ වීසා බලපත්‍ර පිළිබඳ සැක සිතූ ගුවන් සේවා නිලධාරීන් ඔවුන් ආගමන විගමන දෙපාර්තමේන්තු දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් වෙත භාර දීමටයි පියවර ගෙන ඇත්තේ.

එහිදී සිදු කළ තාක්ෂණික පරීක්ෂාකිරීම්වලදී අදාළ වීසා බලපත්‍ර කූඨ ලෙස සකස් කළ ඒවා බවට අනාවරණ වී තිබෙනවා.

මෙරට තැරැව්කරුවෙකු වෙත රුපියල් ලක්ෂ හැට පහක් ගෙවා එම වීසා පත් සකසා ගත් බවද ඔවුන් එහිදී පවසා තිබෙනවා.