Saturday, February 22, 2025

General line - 0115112241

පාන් රාත්තලක මිලත් රුපියල් 10කින් පහළට



පාන් රාත්තලක මිල රුපියල් 10කින් අඩු කිරීමට බේකරි නිෂ්පාදකයින්ගේ සංගමය විසින් එකඟතාව පළ කළ බව වෙළඳ, වාණිජ ආහාර සුරක්‍ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යංශය පවසනවා.

එම අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ පාන්පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 10කින් අඩු කිරීම හේතුවෙන් එහි වාසිය ජනතාවට ලබා දීම සඳහා මෙම තීරණයට එළඹි බවයි.

එමෙන්ම අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල ගණන්ද අඩු කිරීමට බේකරි නිශ්පාදකයින්ගේ සංගමය එකඟතාව පළ කර ඇති බවයි අදාළ නිවේදනයේ සඳහන් වන්නේ.

අද සිට ක්‍රියාත්මක වන පරිදි පාන්පිටි කි‍ලෝවක මිල රුපියල් 10කින් පහළ දැමීමටයි ප්‍රීමා සහ සෙරන්ඩිබ් යන සමාගම් තීරණය කළේ.

 

Media_Release Pan Piti by nethsound