අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සමට අදාල ප්‍රතිවිරෝධතා මැයි මස 29 වනදාට පෙර ගොනු කරන ලෙස අභියාචනාධිකරණය අද පෙත්සම්කාර පාර්ශවයට නියම කළා.
ඒ එම පෙත්සම මායාදුන්නේ කොරයා සහ මහේන් ගොපල්ලව යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදීයි.
එම අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අශෝක භරන් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ මෙම නඩුකරයට අදාළ විරෝධතා ලැබී තිබෙන බවත් ඒවා අධ්‍යයනය කර ප්‍රතිවිරෝධතා ඉදිරිපත් කිරීම සඳහා කාලය ලබා දෙන ලෙසයි.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල අදාළ ප්‍රතිවිරෝධතා මැයි මස 29 වනදාට පෙර ගොනු කරන ලෙස පෙත්සම්කාර පාර්ශවයට නියෝග කළා.
අභිනව නිවහල් පෙරමුණේ සභාපති ඔෂල හේරත් මහතා විසින් එම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.
එහි වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත්තේ අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ, පාර්ලිමේන්තු මහ ලේකම්, රුහුණු විශ්වවිද්‍යාලය සහ එහි උප කුලපති ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.