Tuesday, April 15, 2025

General line - 0115112241

සෞදි අරාබියේ සිට කටුනායක වෙත පැමිණි ගුවන් යානයක් තුළ ශ්‍රී ලාංකික කාන්තාවක් මියයයි



සෞදි අරාබියේ රියාද් නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ගුවන් යානයක් තුළ ගමන් ගනිමින් සිටි ශ්‍රී ලාංකික කාන්තාවක් එම ගුවන් යානය තුළදී මිය ගොස් තිබෙනවා.

එලෙස මියගොස් ඇත්තේ 49 හැවිරිදි වියේ පසුවූ කාන්තාවක්.

ඇය සෞදි අරාබියේ ගෘහ සේවයේ යෙදී සිට නැවත මෙරටට පැමිණි කාන්තාවක් විය හැකි බවටයි කටුනායක ගුවන් තොටුපොළ පොලිසියේ නිලධාරීන් සැක පළ කරන්නේ.

මෙසේ මිය ගොස් සිටින කාන්තාව පිළිබඳ තොරතුරු සොයා ගැනීම සඳහා කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය ප්‍රයත්න දරමින් සිටින අතර, ඇයගේ මෘත දේහය, මීගමුව මහ රෝහල වෙත යොමු කර තිබෙනවා.