නිට්ටඹුව, පින්නගොල්ල ප්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනෙකු විසින් තියුණු ආයුධවලින් පහරදීම හේතුවෙන් තුවාල ලැබූ අඹු සැමි යුවළක් රෝහල්ගත කර තිබෙනවා.
එලෙස පහරකෑමට ලක්ව ඇත්තේ 35 හැවිරිදි කාන්තාවක් සහ 41 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්.
එම යුවළගේ පුත්‍රයා තවත් අයෙකු සමග මීට දින දෙකකට පෙර ආරවුලක් ඇතිකරගෙන තිබෙනවා.
ඒ, බස්රථවල කජු විකිණීමේ සිද්ධියකට අදාළවයි.
අදාළ යුවළගේ පුත්‍රයා කළ පහරදීමෙන් අනෙක් තැනැත්තා තුවාල ලබා රෝහල්ගතව තිබෙනවා.
රෝහල්ගතව සිටින පුද්ගලයාගේ සහෝදරයන් දෙදෙනෙකු විසින් අදාළ කාන්තාවට සහ පිරිමි පුද්ගලයාට පහරදී ඇති බවයි පොලීසිය පැවසුවේ.
සිද්ධියට අදාළ පැමිණිල්ල අද නිට්ටඹුව පොලීසියේදී විභාග කිරීමට නියමිතව තිබූ බවද පොලීසිය වැඩිදුරටත් සඳහන් කළා.