වාහන වංචා රැසකට සම්බන්ධ සැකකරුවෙකු හෝමාගම විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 55 හැවිරිදි අතුරුගිරිය, ඔරුවෙල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
සැකකරු විසින් වාහන කුලී පදනම මත ලබාදෙනු ලබන ස්ථානවලින් වාහන ලබාගෙන වංචා සහගත ලෙස එම වාහන විවිධ පුද්ගලයින්ට විකිණීම සහ උකස් කිරීම සිදුකර ඇති බව විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.
එලෙස විකුණන ලද හා උකස් කරන ලද වාහන 47ක් ද විමර්ශන නිලධාරින් විසින් සොයාගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේ.
සැකකරු කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම මස 27 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.