Tuesday, April 15, 2025

General line - 0115112241

පාර්ලිමේන්තු සංකීර්ණයේ සහ මාදිවෙල මන්ත්‍රී නිවාස සංකීර්ණයේ ආරක්ෂාව තර කරලද?



අයවැය දෙවනවර කියවීමේ විවාදය 05 වන දිනටත් අද පාර්ලිමේන්තුවේදී පැවැත්වෙනවා. 

පෙරවරු 09.30ට පාර්ලිමේන්තුව රැස්වන අතර පෙරවරු 10.00 සිට පස්වරු 06.00 දක්වා අයවැය විවාදය පැවැත්වීමට නියමිතයි.

ඊයේ දිනයේ අයවැය විවාදයේදී රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා සහ නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා අතර සංවාදයක් ඇතිව තිබුනා.

මේ අතර පාර්ලිමේන්තු සංකීර්ණයේ සහ මාදිවෙල මන්ත්‍රී නිවාස සංකීර්ණයේ ආරක්ෂාව තර කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා ඊයේ අයවැය විවාදයේදී ප්‍රකාශ කළා.