අයි සී සී ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමග පැවති තරගය ලකුණු 107කින් ජය ගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් වුණා.
පාකිස්තානයේ කරච්චිහීදී පැවැත් වුණු තරගයේ කාසිය වාසිය හිමිකර ගෙන පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 06ක් දැවී ලකුණු 315ක් රැස් කළා.
රයන් රිකල්ටන් පන්දු 106කදී ලකුණු 103ක් රැස් කිරීමට සමත් වුණා.
ටෙම්බා බවුමා, රාසි වෑන්ඩර් ඩූසන් සහ ඒඩ්න් මාක්‍රම් අර්ධ ශතක වාර්තා කරමින් දකුණු අප්‍රිකානු ඉනිම ශක්තිමත් කළා.
පන්දු යැවීමේදී මොහොමඩ් නබී ලකුණු 51කට කඩුලු 02ක් දවා ගත්තා.
කෙසේවෙතත් ජයග්‍රාහී ලකුණු 316ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට පන්දුවාර 43යි පන්දු 03ක් අවසානයේ සියලුදෙනා දැවී රැස් කිරීමට හැකි වූයේ ලකුණු 208ක් පමණයි.
රහමත් ෂා ලකුණු 90යි.
ඇෆ්ගනිස්ථාන සෙසු ක්‍රීඩකයින් කිසිවෙකුටත් ලකුණු 19යේ සීමාව ඉක්මවා යාමට දකුණු අප්‍රිකානු පන්දු යවන්නන් ඉඩ ලබාදුන්නේ නැහැ.
පන්දු යැවීමේදී කගිසෝ රබාඩා කඩුලු 03ක් බිඳ හෙලුවා.