විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් සඳහා කාරක සභාවල නියෝජනය වැඩිකිරීම සම්බන්ධව විපක්ෂයේ දේශපාලන පක්ෂ විසින් ඉල්ලා සිටින ලද කරුණු සාකච්ඡා කිරීම සඳහා විශේෂ පක්ෂ නායක රැස්වීමක් ඊයේ පැවති බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවා.
කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පැවති එම රැස්වීමට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය ද එක්ව සිටි බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේ.
මන්ත්‍රීවරුන්ගේ එම ඉල්ලීම පිළිබඳව පසුගිය 19 වන දින කථානායකවරයා විසින් සභාවට නිවේදනය කරන ලද තීරණය සම්බන්ධයෙන් ස්තූතිය පළ කරමින් එම කරුණු පිළිබඳව ආණ්ඩුවේ ස්ථාවරය සභානායකතුමා විසින් කථානායකතුමා වෙත ලිඛිතව දන්වා තිබූ අතර එම ලිපිය එහිදී සභාව හමුවේ කියවා තිබෙනවා.
ඉන් අනතුරුව විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා විසින් කාරක සභාවල විපක්ෂයේ සංයුතිය තවදුරටත් වැඩිකිරීම සම්බන්ධයෙන් කරන ලද ඉල්ලීම් පිළිබඳව සාධනීය ලෙස සලකා බලා ඒ සම්බන්ධයෙන් වූ රජයේ තීරණය ඉතා කඩිනමින් ලබා දෙන බව ද සභානායකවරයා එම රැස්වීමේදී වැඩිදුරටත් පැවසුවා.