Sunday, February 23, 2025

General line - 0115112241

ගණේමුල්ල සංජීව ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ තවත් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට



ගණේමුල්ල සංජීව නැමැත්තා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ තවත් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, කොළඹ අපරාධ කොට්ඨාසට විසින්.

එම අපරාධයට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ. 
එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ උඩුගම්පොල සහ ගම්පහ ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 19, 25 සහ 22 වයස්වල පසුවන පුද්ගලයන් තිදෙනෙක්.

ඒ අනුව මේ දක්වා එම අපරාධයට අදාළව සැකකරුවන් 08 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය මඟින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.