අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය මේ වන විට තරමක් බරපතළ වී ඇති බව වතිකානය පවසා තිබෙනවා.
අදාළ නිවේදනයේ දැක්වෙන්නේ ෆ්‍රැන්සිස් පාප්වහන්සේ මේ වන විට ඇඳුම රෝගී තත්ත්වයකින් පිඩා විදින බවයි.
එසේම උන්වහන්සේට ඔක්සිජන් ලබා දීමට ද කටයුතු කරන බවයි සඳහන් වන්නේ.
පාප්වහන්සේගේ ශරීරයේ රුධිර පට්ටිකා ප්‍රමාණය පහත මට්ටමක පැවතීම හේතුවෙන් රුධිරය ලබා දීමටත් සිදුව ඇති බවයි වතිකානය පැවසුවේ.
ෆ්‍රැන්සිස් පාප්වහන්සේ පසුගිය සතියේ දී රෝහල්ගත කෙරුණේ ශ්වසන මාර්ගය ආශ්‍රිත රෝගී තත්ත්වයක් හේතුවෙනි.
ඒ රෝමයේ ජෙමෙලි රෝහලටයි.
පසුව උන්වහන්සේගේ පෙනහළු දෙකේහිම නියෝමෝනියා රෝගී තත්ත්වයක් වර්ධනය වී ඇති බවට අනාවරණය වී තිබෙනවා.
පාප්වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය ජීවිත අවදානම් මට්ටමක නොපවතින බව මීට දිනකට පමණ පෙරාතුව උන්වහන්සේගේ වෛද්‍ය කණ්ඩායම නිවේදනය කළත් මේ වනවිට උන්වහන්සේගේ තත්ත්වය බරපතළ වී ඇතැයි වතිකානය නිවේදනය කරයි.
ඒ ඊයේ දිනයේ දී දැරුණු ඇඳුම රෝගී තත්ත්වයකින් උන්වහන්සේගේ අයහපත් සෞඛ්‍ය තත්ත්වය උත්සන්න වීමත් සමගය.
මේ වන විට 88 හැවිරිදි වියේ පසු වන පාප් වහන්සේ තම සෞඛ්‍යය පිළිබඳව විවෘතභාවය ඉල්ලා තිබෙනවා.
ඒ අනුව වතිකානුව විසින් උන්වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් දිනපතා ප්‍රකාශ නිකුත් කිරීමට අපේක්ෂා කරන බවයි විදෙස් වාර්තා පවසන්නේ.
කෙසේ වෙතත් ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ සුවය සඳහා ලොව පුරා වෙසෙන කිතුනු බැතිමතුන් ඉටිපන්දම් දල්වමින් යාඥා කිරීමට ද කටයුතු කරන බවයි වාර්තා වන්නේ.