Wednesday, March 26, 2025

General line - 0115112241

යුරෝපා කොමිසමේ සභාපති ඉන්දියාවට



යුරෝපා කොමිසමේ සභාපති උර්සුලා වොන් ඩර් ලේන් ඉන්දීය සංචාරයකට සූදානම් වේ.

ඒ අනුව ඇය පෙබරවාරි 27 සිට 28 දක්වා නවදිල්ලියේ සංචාරය කරනු ඇත.

මෙම පෙර නොවූ විරූ සංචාරය යුරෝපා සංගම්-ඉන්දියා සබඳතාවල වර්ධනය වන ගම්‍යතාවය ඉස්මතු කරයි යනුවෙන් ඉන්දියාවේ පිහිටි යුරෝපා කොමිසම් කාර් යාලය සිය X ගිණුමේ සටහනක් තබමින් පවසා තිබේ. 

මේ අතර, මෙම ඉන්දීය සංචාරය සිදු කෙරෙන්නේ EU-India සමුළුවේදී මේ වසරේ ඉදිරිපත් කිරීමට නියමිත ඉන්දියාව සමඟ නව මූලෝපායික න්‍යාය පත්‍රයක් ජනාධිපති von der Leyen විසින් ප්‍රකාශයට පත් කිරීමෙන් පසුවය.

යුරෝපයේ සහ ඉන්දියාවේ සමෘද්ධිය සහ ආරක්ෂාව සඳහා අත්‍යවශ්‍ය ප්‍රධාන ක්ෂේත්‍රවල සබඳතා ශක්තිමත් කිරීමේ වැදගත්කම මෙම සංචාරය අවධාරණය කරන බව යුරෝපා සංගමයේ ඉන්දියාව සහ භූතානය සඳහා වූ නියෝජිත පිරිස ප්‍රකාශ කළහ.