ජර්මනියේ හදිසි මහ මැතිවරණයේ ජන්ද විමසීම මේ වන විට සිදුවනවා.
ජර්මනිය සඳහා නව චාන්සලර්වරයෙකු සහ නව පාලන සන්ධානයක් තෝරා පත් කර ගැනීම මෙම මැතිවරණයේ අපේක්ෂාවයි.
ඒ අනුව මැතිවරණය සඳහා ජර්මානුවන් මිලියන 59 කට පමණ ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා ඇති බවයි වාර්තා වන්නේ.
ඔවුන්ගෙන් මිලියන 30.6 ක් කාන්තාවන් වන අතර මිලියන 28.6 ක් පිරිමි පුද්ගලයන් බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.
ජන්දය ප්‍රකාශ කිරීම සඳහා පළමු වරට සුදුසුකම් ලැබූ පිරිස මිලියන 2යි දශම 3ක්.
කෙසේ වෙතත් ඡන්දය ප්‍රකාශ කිරීම අවසන් වූ වහාම ඡන්ද ගණන් කිරීම ආරම්භ වන බවයි වාර්තා වන්නේ