Monday, February 24, 2025

General line - 0115112241

ජාතික දින සැමරුම ගැන මොරිෂස් රාජ්‍යයෙන් නිවේදනයක්



අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ලබන මාසයේ මොරිෂස් රාජ්‍යයේ ජාතික දින සැමරුම් උත්සවයේ ගෞරවනීය ආරාධිත අමුත්තා ලෙස සහභාගී වන බව මොරිෂස් අගමැති නවීන් රාම්ගූලම් නිවේදනය කර තිබේ.

එය සමීප ද්විපාර්ශ්වික සබඳතා පිළිබඳ සාක්ෂියක් ලෙස හැඳින්වේ.

එරට ජාතික සභාව අමතමින් මොරිෂස් අගමැති රාම්ගූලම් පැවසුවේ ඔහුගේ ඉතා දැඩි කාලසටහන නොතකා මෙතරම් කීර්තිමත් පෞරුෂයකට සත්කාරකත්වය දැක්වීමට ලැබීම සිය රටට ලැබුණු සුවිශේෂී වරප්‍රසාදයක් බවයි.

මොරිෂස් රාජ්‍යය සෑම වසරකම මාර්තු 12 වන දින සිය ජාතික දිනය සමරයි. 

එහිදී 1968 දී මොරිෂස් බ්‍රිතාන්‍ය පාලනයෙන් නිදහස් වීමේ සංවත්සරය සනිටුහන් කරයි.

"අපේ රටේ 57 වන නිදහස් සංවත්සරයේ සැමරුම් සන්දර්භය තුළ, මගේ ආරාධනයට අනුව, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අපගේ ජාතික දින සැමරුම් උත්සවයේ ගෞරවනීය ආරාධිත අමුත්තා ලෙස පැමිණීමට කාරුණිකව එකඟ වූ බව සභාවට දන්වා සිටීමට මම ඉමහත් සතුටට පත්වෙමි," රාම්ගූලම් පැවසීය.