ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ ජපාන තානාපති ඉසොමතා අකියෝ මහතා අතර හමුවක් අද සිදුවුණා.
ඒ, ජනාධිපති කාර්යාලයේදීයි.
ශ්‍රී ලංකාව තුළ වරාය ආශ්‍රිත ව්‍යාපෘති සහ ඩිජිටල්කරණ ව්‍යාපෘති සඳහා ආයෝජනය කිරීමට එම හමුවේදී ජපාන රජය එකඟතාව පළ කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.
ජපාන රජය මෑතකදී ආරම්භ කළ ආරක්ෂක සහයෝගීතා ආධාර වැඩසටහනට ශ්‍රී ලංකාව ඇතුළත් කරගැනීමටද කටයුතු කර ඇති බවයි ජපාන තානාපති ඉසොමතා අකියෝ මහතා මෙහිදී පවසා ඇත්තේ.
ඩිජිටල් ආර්ථික සහ ගුවන්තොටුපල ආයෝජනයන්හි වර්තමාන තත්වය සහ ප්‍රගතිය පිළිබඳවද මෙහිදී සාකච්ඡාවට ලක්ව තිබෙනවා.
එමෙන්ම නුදුරු දිනකදී ජපානයේ නිල සංචාරයකට එක්වන ලෙසද ජපාන තානාපතිවරයා මෙහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ඇරයුම් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා.