වැලිගම හෙට්ටිවීදිය දෙවන පටුමඟ දුම්රිය හරස් මාර්ගයේදී දුම්රියක මෝටර් රථයක් ගැටීමෙන් අනතුර සිදුව තිබෙනවා
මෝටර් රථයේ ගමන් ගත් මව සහ සිය දියණිය තුවාල ලබා ඇතැයි වැලිගම පොලීසිය පවසන්නේ.
අනතුරින් තුවාල ලැබූ මව සහ දියණිය මාතර මහ රෝලට ඇතුළත් කර තිබේ.
වැලිගම හෙට්ටිවීදිය දෙවන පටුමගේ පදිංචි කාන්තාවක් විසින් සිය දියණිය උපකාරක පන්තියට රැගෙන යාම සඳහා යමින් සිටියදී වව්නියාවේ සිට බෙලිඅත්ත දක්වා ධාවනය වූ දුම්රියේ ගැටීමෙන් එම අනතුර සිදුව තිබෙනවා
සිද්ධිය සම්බන්ධයෙන් වැලිගම පොලීසිය පරීක්ෂණ මෙහෙයවයි.