හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් දිවයිනට ගෙන්වීමේ කටයුත්ත අත්හැර නොමැති බව මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා පවසනවා.
අයවැය කාරක සභා අවස්ථාවේ තුන්වන දිනය වූ අද විවාදයට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.
අද දිනයේ විවාදයට ගැණුනේ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යංශයේ වැය ශිර්ෂයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා විසින් අද දිනයේ විවාදය ආරම්භ කළා.
විවාදයට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රිණී නිලන්ති කොට්ටහච්චි මහත්මිය පැවසුවේ අවම පහසුකම් යටතේ පවත්වාගෙන යනු ලබන නීති ආධාර කොමිෂන් සභා ජාලය තවදුරටත් ව්‍යාප්ත කරන බවයි.
මෙරට ක්‍රියාත්මක සමත මණ්ඩල සඳහා ස්ථිර ස්ථානයක කාර්යාලයක් ලබාදීමට පියවර ගන්නා ලෙසයි විවාදයට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා පැවසුවේ.
කුලී පදනම මත ගොඩනැගිලිවල පවත්වාගෙන යනු ලබන අධිකරණ අමාත්‍යංශය සහ එම විෂයපථයට අයත් රජයේ ආයතන එකම ගොඩනැගිල්ලකට රැගෙන ඒමට කටයුතු කරන බව විවාදයට එක්වෙමින් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතීඥ හර්ෂණ නානායක්කාර මහතා පැවසුවා.
පසුගිය ආණ්ඩුව සමයේ ආරම්භ කළ අධිකරණ ඩිජිටල්කරණය කිරීමේ වැඩසටහන යළි ක්‍රියාත්මක කරන ලෙසට පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරාධ ජයරත්න මහතා ද විවාදයට එක්වෙමින් අධිකරණ අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කළා.
අමාත්‍ය, නීතීඥ හර්ෂණ නානායක්කාර මහතා ඊට ප්‍රතිචාර දැක්වූවා.
මෙරට බන්ධනාගාරවල රඳවා සිටින රැඳවියන් සම්බන්ධයෙන් විවාදයට එක්වෙමින් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න මෙනෙවිය අදහස් පළ කළා.
මේ අතර හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මෙතෙක් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට ආණ්ඩුවට නොහැකි වීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා විවාදයට එක්වෙමින් අදහස් පළ කළේ මෙලෙසයි.
හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් ආණ්ඩුව වෙනුවෙන් නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා මෙලෙස අදහස් පළ කළා.