මූතූර් ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් තුවාල ලැබූ පුද්ගලයන් 29 දෙනෙකු රෝහල් ගත කර තිබෙනවා.
ත්‍රිකුණාමලය දෙස සිට මඩකලපුව දෙසට ධාවනය වෙමින් තිබූ විනෝද චාරිකාවක නිරත පිරිසක් රැගත් බස් රථයක් ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් ධාවනය වූ ලොරි රථයක මුහුණට මුහුණ ගැටී එම අනතුර සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ.
බස් රථයේ ගමන් කළ පිරිස වේයන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට අනාවරණ වී තිබෙනවා.
අනතුරෙන් තුවාල ලැබූ බස් රථයේ සහ ලොරි රථයේ රියදුරන් ද රෝහල් ගත කර ඇති බවයි මූතූර් පොලිසිය පැවසුවේ.