Monday, March 3, 2025

General line - 0115112241

බොලිවියාවේ බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් 37ක් මරුට



නිරිතදිග බොලිවියාවේ දී බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 37 දෙනෙකු මිය ගොස් තිබෙනවා 

අනතුරින් තවත් 39 දෙනෙකු තුවාල ලබා ඇති අතර ඔවුන්ගේ අනන්‍යතාව මෙතෙක් අනාවරණ කර නොමැත.

උයුනි සහ කොල්චානි අතර මාර්ගයේ අලුයම කාලයේදී මෙම අනතුර සිදු වූ අතර, මූලික විමර්ශන අනුව සැක කෙරෙන්නේ අධික වේගය අනතුරට හේතුවන්නට ඇති බවය.

අනතුරට ලක්වූ එක් බස් රථයක් ලතින් ඇමරිකාවේ වැදගත්ම සැමරුමක් පැවැත්වෙන ඔරුරෝ සැණකෙළිය  වෙත ගමන් කරමින් තිබු බවයි විදෙස්ඩ් මාධ්‍ය වාර්තා කරන්නේ 

කෙසේ වුවද අනතුරින් මියගිය හෝ තුවාල ලැබූ පිරිසගේ අනන්‍යතාව පිළිබඳ මෙතෙක් අනාවරණ කර නොමැත.

අනතුරින් දිවි ගලවා ගත් රියදුරන් දෙදෙනාගෙන් එක් අයෙකු මත්පැන් පානය කරමින් සිටිනු මගීන් දුටු බව පොලිස් ප්‍රකාශකයෙක් පැවසීය.

බොලිවියාවෙන් නිරන්තරයෙන් මෙවැනි මාරාන්තික රිය අනතුරු වාර්තා වන අතර සෑම වසරකම සාමාන්‍යයෙන් මරණ 1,400 ක් සිදු වේ.

පොටොසි කලාපය කඳුකර කලාපයක් වීම සහ මාර්ග නඩත්තු කිරීම් නිසියාකාරව සිදු නොකිරීම ඊට හේතු වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ