රට තුළ කිසිදු අවස්ථාවක ඉන්ධන හිඟයක් ඇති වීමේ අවදානමක් නොමැති බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා.
එහි සභාපති ඩී ජේ රාජකරුණා මහතා නෙත් නිවුස් කළ විමසීමකදී පැවසුවේ අද දිනයේ ද ඉන්ධන බෙදාහැරීමේ කටයුතු මේ වන විටත් සිදු කරන බවයි.
පවතින ගැටළුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ලබන අඟහරුවාදා ඛනිජතෙල් බෙදුම්කරුවන්ට අවස්ථාව ලබාදී ඇති බවයි ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී ජේ රාජකරුණා මහතා වැඩිදුරටත් පැවසුවේ.