Monday, March 3, 2025

General line - 0115112241

ගැටළු පැවතුනත්, තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයට එක්වන පිරිස ඉහළ යයි



විවිධ ගැටළු පැවතිය ද තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ නිරතවන පිරිස වර්තමානයේ ඉහළ ගොස් ඇතැයි තොරතුරු තාක්ෂණවේදීන්ගේ සංසදය පවසනවා.

කෙසේවෙතත් එලෙස එම ක්ෂේත්‍රය තෝරා ගන්නා පිරිසෙන් වැඩි ප්‍රමාණයක් රට තුළ රැඳී නොසිටිනු ඇති බවයි එම සංසදයේ සභාපති ඉන්ජිනේරු කපිල පෙරේරා මහතා පැවසුවේ. 

මේ අතර තොරතුරු තාක්ෂණය, සමාජ මාධ්‍ය සහ අන්තර්ජාලය ඔස්සේ නිදහස් සේවකයින් ලෙස රටට ඩොලර් උපයන සේවා වෙත සියයට 15ක බද්දක් අප්‍රේල් මාසයේ සිට පැනවීමට නියමිතව තිබෙනවා.

එවන් පසුබිමක් තුළ සේවා අපනයන ක්ෂේත්‍රයේ වෘත්තිකයින් රට හැර යාමේ අවදානමක් මතුව ඇති බවයි තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන්ගේ සංසදයේ සභාපති ඉංජිනේරු කපිල පෙරේරා මහතා වැඩිදුරටත් සඳහන් කළේ.