බද්දේගම, ඇත්කඳුර ප්‍රදේශයේදී පසුගිය මස 27 වනදා පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු බද්දේගම පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 21, 33 සහ 41 යන වයස්වල පසුවන බටපොල සහ ඇත්කඳුර ප්‍රදේශවල පදිංචිකරුවන් තිදෙනෙක්.
දෙපිරිසක් අතර ඇති වූ ආරවුලක් හේතුවෙන් තියුණු ආයුධයවලින් පහරදී එම ඝාතන සිදුකර තිබුණා.
බද්දේගම පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනවා.