රාත්‍රී කාලයේ ධාවනය වන දුම්රියන්හි වන අලීන් ගැටීම වලක්වා ගැනීම සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව ක්‍රියාමාර්ග කිහිපයක් ගෙන තිබෙනවා.
ඒ අනුව අමතර වේග සීමා ක්‍රියාත්මක කිරීම හා දුම්රිය ආරම්භ වේලාවන් සංශෝධනය කිරීමටයි එම දෙපාර්තමේන්තුව තීරණය කර ඇත්තේ.
මඩකලපුව මාර්ගයේ පලුගස්වැව සිට හිඟුරක්ගොඩ දක්වා සහ වැලිකන්ද සිට පූනානි දක්වා ද ත්‍රිකුණාමලය මාර්ගයේ ගල්ඔය හන්දියේ සිට කන්තලේ දක්වා ප්‍රදේශය ආවරණය වන පරිදි දුම්රිය කාලසටහන් සංශෝධනය කර තිබෙනවා.
එය මාර්තු 07 වන දින සිට ක්‍රියාත්මකයි.
මීනගයා දුම්රිය සඳහා එස් 13 වර්ගයේ බලවේග කට්ටලයක් යෙදවීමට ද තීරණය වී තිබෙනවා.