Tuesday, March 4, 2025

General line - 0115112241

අමෙරිකාව සමඟ ඛනිජ සම්පත් ගිවිසුම අත්සන් කිරීමට තවමත් සූදානම් - යුක්‍රේන ජනපති කියයි



අමෙරිකාව සහ යුක්‍රේනය අතර ඛනිජ ගිවිසුමට අත්සන් කිරීමට තමන් සූදානම් බව යුක්‍රේන ජනාධිපති ව්ලැද්මීර් සෙලෙන්ස්කි පවසා තිබෙනවා.

යුරෝපා නායකයන් සමඟ ලන්ඩනයේ පැවති සමුළුවෙන් අනතුරුවයි ඔහු මෙම අදහස පළ කර ඇත්තේ.

යුක්‍රේනයේ දුර්ලභ ඛනිජ සංචිත සඳහා අමෙරිකා එක්සත් ජනපදයට ප්‍රවේශය ලබාදෙන ගිවිසුමේ අනාගතය සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු කළ කරුණු විමසීමකදී ඔහු මේ බව පවසා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්.

පසුගිය සිකුරාදා ධවල මන්දිරයේදී අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ පැවති මතභේදාත්මක සහ උණුසුම් හමුවෙන් අනතුරුව යුක්‍රේන ජනාධිපතිවරයා මෙවැනි ප්‍රකාශයක් සිදු කිරීම විශේෂත්වයක්.