Tuesday, March 4, 2025

General line - 0115112241

ගණේමුල්ල සංජීවට වෙඩි තැබූ වෙඩික්කරු කළ තවත් වෙඩි තැබීමක් හෙළිවෙයි



සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ගණේමුල්ල සංජීව ඝාතනය කිරීමේ සිද්ධියේ වෙඩික්කරු විසින් සිදුකල තවත් වෙඩි තැබීමක් අනාවරණ කර ගත් බව පොලීසිය පවසනවා.

මෙම සැකකරු පසුගිය දෙසැම්බර් මස 13 වනදා කඳාන පොලිස් වසමේ වීදී මාවත ප්‍රදේශයේ පිහිටි නිවසකට ටී-56 වර්ගයේ ගිනි අවියකින් වෙඩි තබා පළා යාමේ සිද්ධියට සම්බන්ධ වෙඩික්කරු බවටයි එහිදී අනාවරණය වී ඇත්තේ.

මෙම සිදුවීම ද විදෙස්ගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකුගේ මෙහෙයවීම මත සිදුකර ඇති බව අනාවරණය වී තිබෙනවා.

සැකකරු මේ වන විට දින 90ක රැඳවුම් නියෝග මත රඳවා තබාගෙන කොළඹ අපරාධ කොට්ඨාසය මඟින් විමර්ශන සිදු කරමින් පවතින බවයි පොලිසිය පැවසුවේ.

සිද්ධිය පිළිබඳ කොළඹ අපරාධ කොට්ඨාසය මගින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.