කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් රැගත් ඉන්දීය ජාතික ගුවන් මගියෙකු කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔහු තායිලන්තයේ බැංකොක් නුවර සිට තායි ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.
ඔහු විසින් රැගෙන ආ ගමන් මලු තුළ ආහාර අඩංගු පැකට් තුළ, කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 05යි ග්‍රෑම් 200ක් එලෙස රැගෙන විත් තිබෙනවා.
එම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් පන් කෝටි විසි ලක්ෂයක් පමණ වන බවටයි අනාවරණ වී ඇත්තේ.
අත්අඩංගුවට ගත් සැකකරු ඉන්දියාවේ, බැංගලෝර් නුවර රැකියාවක නිරත 34 හැවිරිදි පුද්ගලයෙක්.