Thursday, March 6, 2025

General line - 0115112241

තාවකාලිකව සංචාරකයින්ට වසා දැමුණු යාල ජාතික උද්‍යානයයේ සීමිත මාර්ග කිහිපයක් අද සිට විවෘත කිරීමට පියවර



ඉකුත් දිනවල පැවති අධික වර්ෂාවත් සමග වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් ප්‍රධාන වැව් 70න් 40ක් මේ වන විටත් වාන් දමමින් ඇති බව වාරිමාර්ග අධ්‍යක්‍ෂ ඉංජිනේරු එස් සූරියබණ්ඩාර මහතා පවසනවා.

ඉන් බහුතරය අනුරාධපුර, අම්පාර, හම්බන්තොට, මහනුවර සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලට අයත් බවයි ඔහු කියා සිටියේ. 

මේ අතර තාවකාලිකව සංචාරකයින්ට වසා දැමුණු යාල ජාතික උද්‍යානයයේ සීමිත මාර්ග කිහිපයක් අද සිට විවෘත කිරීමට පියවර ගෙන තිබෙනවා.

වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව පැවසුවේ අද පස්වරු දෙකේ සිට එම මාර්ග නැවත සංචාරකයන්ට විවෘත කෙරෙන බවයි.

කෙසේවෙතත් වර්ෂාව හේතුවෙන් අබලන් තත්ත්වයට පත්වීමේ අවදානමක් සහිත මාර්ග තවදුරටත් සංචාරකයන්ට වසා තැබෙනු ඇති.

පසුගිය දිනවල ඇදහැළුණු අධික වර්ෂාව හේතුවෙන් යාල ජාතික උද්‍යානයේ මාර්ග පද්ධතියට සිදුවන හානිය අවම කර ගැනීම සහ පරිසරය පද්ධතියට වන බලපෑම අවම කර ගැනීම සඳහා යාල වනෝද්‍යානය මාර්තු 01 දින සිට තාවකාලිකය වසා දැමුණා.