ඔස්ට්‍රියා ජාතික කාන්තාවකගෙන් රුපියල් 50,000ක මුදලක් සහ දුම්වැටි පැකට්ටුවක් බලහත්කාරයෙන් ලබාගැනීමේ චෝදනා මත පොලිස් සැරයන්වරයෙකු සහ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු කොල්ලුපිටිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
විදේශීය දුම්වැටි පැකට්ටුවක් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් එම විදේශීය කාන්තාව අත්අඩංගුවට නොගෙන සිටීම සඳහා සැකකාර නිලධාරීන් තිදෙනා එම මුදල සහ දුම්වැටි පැකට්ටුව බලහත්කාරයෙන් ලබාගෙන ඇති බවටයි චෝදනා එල්ල වී ඇත්තේ.
සැකකාර නිලධාරීන් තිදෙනා කොල්ලුපිටිය පොලිස් ස්ථානයට අනියුක්තව සේවය කළ නිලධාරීන් තිදෙනෙක්.