Saturday, April 12, 2025

General line - 0115112241

වැල්ලවායේ දරුණු රිය අනතුරක්

ජයන්ත වීරසේකර 



වැල්ලවාය තණමල්විල ප්‍රධාන මාර්ගයේ ඌව කුඩාඔය තෙලුල්ල ප්‍රදේශයේ දී ලොරි රථ දෙකක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදු වී තිබෙනවා.

එම අනතුරින් ලොරි රථ දෙකෙහි ගමන් කරමින් සිටි පුද්ගලයන් දෙදෙනකු බරපතල තුවාල ලබා තණමල්විල ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව වැඩි දුර ප්‍රතිකාර සදහා හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහලට මාරු කර යවා ඇත.

මෙම අනතුර නිසා මාර්ගයේ ගමනාගමනය ටද බධා එල්ල වී තිබෙනවා.

ඌව කුඩාඔය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදු කරනු ලබනවා.