අයවැය කාරක සභා අවස්ථා විවාදයේ 12වන දිනය අදයි.
විද්‍යා සහ තාක්ෂණ, ඩිජිටල් ආර්ථික යන අමාත්‍යංශයන්හි වැය ශීර්ෂ අද විවාදයට ගැනෙනවා.
මේ අතර අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශවල වැය ශීර්ෂ ඊයේ දිනයේ විවාදයට ගැණුනා.
එම විවාදයට එක් වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අධ්‍යාපන ක්ෂේත්‍රයට අයවැයෙන් වෙන්කර ඇති මුදල් ප්‍රමාණය ගැන මෙලෙස අදහස් පළ කළා.
විවාදයේ පිළිතුරු කතාව කළ අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය අචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය ඊට ප්‍රතිචාර දැක්වූයේ මෙලෙසයි.
මේ අතර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් දරුවන්ට එල්ලවන පීඩනය අවම කරන වෙනස්කම් සහිත විභාග ක්‍රමයක් 2028 වසර වන විට හඳුන්වාදීමට බලාපොරොත්තු වන බවද අග්‍රාමාත්‍යවරිය එහිදී සඳහන් කළා.