Wednesday, March 12, 2025

General line - 0115112241

එලෝන් මස්ක්ගේ ‘X’ සමාජ මාධ්‍ය ජාලයට දැවැන්ත සයිබර් ප්‍රහාරයක්



ලොව පුරා අතිශය ජනප්‍රිය සමාජ මාධ්‍ය ජාලයක් වන එලොස් මස්ක්ගේ ‘X’ සමාජ මාධ්‍ය වේදිකාව ලොව පුරා හදිසි බිඳවැටීමකට ලක්ව තිබෙනවා.

මෙහිදී ‘X’ සමාජ මාධ්‍ය වේදිකාව අවස්ථා කිහිපයකදී බිඳවැටී තිබුණා.

සමස්ත බිඳවැටීම පැය තුනකට අධිකයි. එය ‘X’ සමාජ මාධ්‍ය වේදිකාව බිඳ වැටුණු දීර්ඝතම කාලය ලෙසටයි සැලකෙන්නේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ අමෙරිකාවේ පමණක් දහස් සංඛ්‍යාත පරිශීලකයින් සඳහා ‘X’ සමාජ මාධ්‍ය වේදිකාව අක්‍රීය වී ඇති බවයි.

ලොව පුරා පරිශීලකයින් රැසකට ද ‘X’ සමාජ මාධ්‍ය වේදිකාවට පිවිසීම අවහිර වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ‘X’ සමාජ මාධ්‍ය වේදිකාවේ හිමිකරුවන එලෝන් මස්ක් පවසා ඇත්තේ දැවැන්ත සයිබර් ප්‍රහාරයක් හේතුවෙන් මෙම බිඳ වැටීම සිදුව ඇති බවයි.

ඔහු ඒ සම්බන්ධයෙන් යුක්‍රේනයට ද චෝදනා කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

2006 වසරේදී ලොව පුරා එළිදැක්වූ ට්විටර් සමාජ මාධ්‍ය වේදිකාව එක්ස් බවට පත් වූයේ 2022 දී එලෝන් මස්ක් විසින් අමෙරිකානු ඩොලර් බිලියන 44කට මිලදී ගැනීමත් සමඟයි.

‘X’ සමාජ මාධ්‍ය වේදිකාව භාවිත කරන පරිශීලකයින් සංඛ්‍යාව මිලියන 100කට අධිකයි.

ඒ හරහා දිනකට නිකුත් වන පණිවිඩ සංඛ්‍යාව මිලියන 340කට අධික වනවා.