Wednesday, March 12, 2025

General line - 0115112241

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්



මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ, දුම්රිය මාර්ගයේ පීල්ලක් කැඩීයාම හේතුවෙන්.

වැල්ලවත්ත සහ බම්බලපිටිය දුම්රිය ස්ථාන අසල එම පීල්ල කැඩී ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ඒ හේතුවෙන් එම දුම්රිය ස්ථානයන් පසු කරන සියලු‍ දුම්රියන්වල ප්‍රමාදයක් සිදුවිය හැකි බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ.

සියලු කාර්යාල දුම්රියන් ධාවනය වීමෙන් අනතුරුව මාර්ගයේ පීලිගත කිරීමේ කටයුතු ආරම්භ කරන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.