2022 වසරේ ගාලු මුවදොර අරගලයට පහරදීමේ සිද්ධියෙන් පසුව රටපුරා සිදූ වූ ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් විනාශයට පත් වූ මැති ඇමතිවරුන්ගේ නිවාසවලට වන්දි ගෙවීමේදී මහජන මුදල් අවභාවිතාවක් සිදුවී ඇති බැවින්
ඒ පිළිබඳ විමර්ශනයක් පවත්වන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.
ඒ, සමාජ ක්‍රියාකාරිකයකු මෙන්ම පරිසරවේදියකු වන නීතිඥ රවින්ද්‍රනාත් දාබරේ මහතා විසින්.
එහි වග උත්තරකරුවන් ලෙස හිටපු ආරක්ෂක අමාත්‍ය ගෝඨාභය රාජපක්ෂ, හිටපු ආරක්ෂකලේකම් විශ්‍රාමික යුද හමුදා මේජර් ජෙනරල් කමල් ගුණරත්න, හිටපු ත්‍රිවිධ හමුදා මාණ්ඩලික ප්‍රධානින් ශවේන්ද්‍ර සිල්වා, හිටපු පොලිස්පති චන්දන වික්‍රමරත්න, හිටපු මහජන ආරක්ෂක අමාත්‍යවරුන් වන ටිරාන් අලස් සහ ප්‍රසන්න රණතුංග, වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය, වත්මන් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල ඇතුළු 15 දෙනෙකු නම් කර තිබෙනවා.
නීතියට පටහැනි ලෙස වන්දි ගෙවා තිබෙන පුද්ගලයින්ගෙන් එම වන්දි මුදල් යළි අයකර ගැනීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් එම පෙත්සමේ සඳහන්.