Wednesday, March 12, 2025

General line - 0115112241

රුසියාව සමග මාසයක සටන් විරාමයකට යුක්‍රේනය එකඟ වෙයි



රුසියාව සමඟ දින 30ක සටන් විරාමයකට තමන් සූදානම් බව යුක්‍රේනය පවසනවා.

ඒ, සෞදි අරාබියේ පැවති ඇමරිකානු - යුක්‍රේන සාකච්ඡාවෙන් දිනකට පසුවයි.

යුක්‍රේන ජනාධිපති වොලොඩොමියර් සෙලෙන්ස්කි සහ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර ඉකුත් දා පැවති ආන්දෝලනාත්මක හමුවෙන් පසු දෙරට අතර සිදුවූ පළමු නිල හමුව මෙයයි.

දින 30ක මෙම සටන් විරාම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ ඇමරිකාව විසින්.

අමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ පැවසුවේ මෙම යෝජනාව රුසියාවට ද ඉදිරිපත් කරන බවයි.

ඒ අනුව දැන් තීරණය ඇත්තේ රුසියාව සතුව බවද ඔහු පවසා තිබෙනවා.

කෙසේවෙතත් යුක්‍රේන ජනාධිපති වොලොඩොමියර් සෙලෙන්ස්කි පවසන්නේ මෙම යෝජනාවට එකඟ වන ලෙස රුසියාවට ඒත්තු ගැන්වීම දැන් අමෙරිකාවේ රාජකාරියක් බවයි.

කෙසේවෙතත් සිය රට විසින් අත්හිටුවා තිබූ යුක්‍රේනයට බුද්ධි තොරතුරු ලබා දීම සහ ආරක්ෂක ආධාර වහාම නැවත ආරම්භ කරන බව අමෙරිකාව පවසා තිබෙනවා.

යුක්‍රේනයේ දිගුකාලීන ආරක්ෂාව සපයන කල් පවතින සාමයක් සඳහා සාකච්ඡා වහාම ආරම්භ කළ යුතු බව අමෙරිකාවේ ස්ථාවරයයි.

2022 පෙබරවාරි මාසයේදී රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීම ආරම්භ කළා.

දැනට යුක්‍රේන භූමියෙන් සියයට 20ක් පාලනය කරන්නේද රුසියාවයි.