පකිස්ථානයේ බලුකිස්තාන් කලාපයේ සන්නද්ධ සටන්කාමීන් විසින් මගීන් 400කට වැඩි පිරිසක් රැගත් දුම්රියකට පහර දී තිබෙනවා.
ඔවුන්ගෙන් බොහෝ දෙනෙකු ප්‍රාණ ඇපයට ගෙන ඇති බවයි පකිස්ථාන හමුදා ආරංචි මාර්ග උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය පැවසුවේ.
බලුච් විමුක්ති හමුදාව නමින් හඳුන්වා ගන්නා සන්නද්ධ සටන්කාමීන් කණ්ඩායමක් මෙලෙස පහරදී තිබුණේ පකිස්ථානයේ ක්වෙටා සිට පෙෂාවර් දක්වා ගමන් කරමින් තිබූ දුම්රියකටයි.
ඔවුන් දුම්රියට කඩා වැදීමට පෙර ධාවන පථයට බෝම්බ හෙලූ පසුව දුම්රිය තම පාලනයට ගෙන තිබුණා.
බලධාරීන් පැය 48 ක් ඇතුළත බලුච් දේශපාලන සිරකරුවන් නිදහස් නොකළහොත් ප්‍රාණ ඇපකරුවන් මරා දමන බවටයි සටන්කාමීන් තර්ජනය කර තිබුණේ.
පසුව ආරම්භ වූ හමුදා මෙහෙයුමකින් දුම්රියේ සිටි මගීන් 104 දෙනෙකු බේරාගෙන ඇති බවයි පැවසෙන්නේ.
ඒ අතර තුවාල ලැබූ මගීන් 17 දෙනෙකු සිටිනවා. ගැටුම්වලදී අවම වශයෙන් සටන්කාමීන් 16 දෙනෙකු මිය ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ගලවා ගැනීමේ මෙහෙයුම අඛණ්ඩව ක්‍රියාත්මකයි.